Dataset Viewer
Auto-converted to Parquet Duplicate
Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ශ්‍රී ලංකන් පාඩුව භාගයකින් අඩුවෙයි"
"ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022/2023 මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි. විනිමය අලාභය හා පොලී පිරිවැය 2022/2023 මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 51.4 දක්වා සියයට 130.5කින් ඉහළ යෑම හේතුවෙන් මෙකී අලාභය සිදු වී ඇති බව...
"හිරුණිකාට සැප නෑ"
"බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා කීය. ඇයට විශේෂිත වරප්‍රසාද කිසිවක් නොලැබෙන බවත් ඇයව මෙතෙක් වැඩ අංශයට යොමු කර නැති බවත් හෙතෙම පැවසීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වසර තුනක බරපත...
"‘ජල්තර්‘ බෙහෙත් ‘පොර’ යළිත් ටෙන්ඩර් දාලා"
"තත්ත්වයෙන් බාල හියුමන්ඉමියුනෝ ලොබියුලින් හා පිළිකා ඖෂධ සම්බන්ධ නඩුවේ සැපැයුම්කරු තවත් ප්‍රතිදේහ ජනක ඖෂධ, ව්‍යාජ නිෂ්පාදකයන්ගේ නම් සඳහන් කරමින් මෙරටට ගෙන්වීමට ප්‍රසම්පාදන ඉල්ලුම් පත් යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අදාළ ප්‍රශ්න සහගත ඖෂධ සැපැයුම්කරු බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභා...
"කැබිනට් යෝජනාවෙන් මුද්‍රණාලය නොසන්සුන්"
"නව දිරි දීමනාවක් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල යෝජනාවක් හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන් අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි එහි වෘත්තීය සමිති කියා සිටි. ජාතික මැතිවරණ ආසන්නයේ සේවකයන් අතර කැළඹීමක් ඇති කිරීමට එම යෝජනාව හේතු වී ඇතැයි ද එම වෘත්තීය සමිති පවසයි. එබැවින් එම නව දිරි දීමනා යෝජනාව ලබාදීම මැතිවරණ...
"ඥානසාර හිමිගේ නිදහසට ඇමැති වැට බඳී"
"බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත එය කල් ගත වෙමින් පවතින බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තාවේ. අදාළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන උදාසීන ...
"පක්‍ෂ කඩලා ඡන්ද දිනන්න බෑ"
"දේශපාලන පක්ෂ බෙදා වෙන්කොට මැතිවරණ ජයග්‍රහණය කිරීමට අතීතයේදී හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. පක්ෂ බෙදා වෙන් කර මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවත් හෙතෙම කීය. 2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුම වූ අන්ත පරාජය...
"රාජ්‍ය සේවකයන් 2.9%කින් බහී"
"රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂය (2023) අවසානය වන විට රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 1,353,860කි. නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීම, නව තනතුරු ඇති කිරීම අඩ...
"කැතීටර්කරණ දරහැවකට කර ගහන්න යයි"
"2007 වර්ෂයේ නිෂ්පාදිත, තාක්ෂණික ලක්ෂණවලින් සමන්විත හෘද කැතීටර්කරණ යන්ත්‍රයක් රුපියල් මිලියන තුන්සිය පනහකට අධික මුදලකට ජර්මනියෙන් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ද ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. බදුල්...
"රෝහල් සුළු සේවකයෝ අනිද්දා පාරට"
"ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් දිවයිනේ සමස්ත රජයේ රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය සහායකයන් 32,000කට අධික පිරිසක් අනිද්දා (09 වැනිදා) සිය සේවාවලින් ඉවත් වී සෑම රෝහලක් ඉදිරිපිට දීම දහවල් 12.00 සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූහ...
"ක්ෂය රෝගීන් හැංගිලා"
"මේ වනවිට හඳුනාගෙන ඇත්තේ ජනගහනයට ලක්ෂයකට රෝගීන් හතළිස් දෙකක් පමණ යැයි ද එයට ප්‍රධාන හේතුව තමන් මෙම රෝග තත්ත්වයට ගොදුරුව තිබුණ ද නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවීම හා ඒ පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය අඩු මට්ටමක පැවැතීම යැයි ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි. එම වැඩසටහන මඟින් නිකුත්කරැති වාර්තාවකට අනුව 202...
"කෝටි තිහක රෙපෙයාර් විගණනයට හසුවේ"
"තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ඉකුත් වසර පහක කාලයේ දී වාහන අමතර කොටස් මිල දී ගැනීම, සේවකයන් සඳහා වැටුප් සහ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) වැය කර ඇතත් අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව, එක් එක් වාහනයකට යොදනු ලැබූ අමතර කොටස් පිළිබඳ තොරත...
"ව්‍යාපෘති අටක් කැලේ මිලියන 586ක් වළේ"
"ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසර 08ක කාලයේ දී (2013 සිට 2020) ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති 08ක් ඒවායේ වැඩ අවසන් නොකොට අත්හැර දමා ඇති අතර එම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 586.02ක මුදලක් වැය කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 1,604.21කි. එමෙන්ම වැඩ...
"රටේ සාධාරණය නැත්තේ දේශපාලකයෝ නිසා – කාදිනල්තුමා"
"මේ රටේ සාධාරණ සමාජයක් ඇති කිරීමට නොහැකි වී ඇත්තේ ඇතැම් දේශපාලකයන් ගෙනයන ප්‍රතිපත්ති නිසා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා මඩුවන්දනා දෙව්මැඳුරේ පැවති ඓතිහාසික දේවමාතා ඔටුනු පැලඳවීමේ සියවස් ජයන්ති මංගල්‍යය අමතමින් පැවසීය. කාදිනල්තුමා මෙසේද කීවේය. ඇතැම් දේශපාලකයන් හා ජාතීන් අතර භේද වපුරවමින් ඔවුන් එකිනෙකා ඇ...
"මම නම් ඉල්ලන්නේ නෑ – පොහොට්ටුවේ අපේක්‍ෂකයා නැකතටම කියන්නම් – මහින්ද"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය සඳහා කුමන අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ජනාධිපති ර...
"‘මගෙන් රටට’ සභාපති සංජය මහවත්තට ඇප"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දූෂිත බවට ඔවුන්ට අපහාසයක් වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. පොලිස් නිලධාරීන් හෝ රජයේ නිල...
"ඉස්සන්-ඉල්මනයිට් ඉඩම් ජිල්මාට් නවත්වනු වාකරේ විරෝධතා"
"ඉස්සන් වගාවට සහ ඉල්මනයිට් හෑරීමට වාකරේ ජනතාවගේ ඉඩම් රජයේ මැදිගත් වීම මත පෞද්ගලික සමාගම්වලට ලබාදීමට උත්සාහ කරන බව චෝදනා කරමින් වාකරේ ජනතාව (05 දා) කතිරවේලි ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් පවත්වා වහාම මෙම ව්‍යාපෘති නවතා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා කතිරවේලි තැපැල් කාර්යාලයට පැමිණ ලිපි තැපැල් කළහ. මෙම විරෝධතා පාගමනට තුන්සි...
"ශ්‍රීලනිප මූලස්ථානයේ කලබැගෑනියක්: දයාසිරි ඩාලි පාර රත් කරයි"
"අධිකරණ නියෝගයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරය තහවුරු වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (05දා) එම තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීමත් සමග එම ප්‍රදේශයේ විශාල කලබැගෑනියක් හට ගත්තේය. ඊයේ (05දා) අලුයම සිට ශ්‍රී.ල.නි.ප. මූලස්ථානය අව...
"අකුරණ ගිනි – කෝටි ගණනක පාඩුවක්"
"බේකරි නිෂ්පාදන අලෙවි කරන අකුරණ පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයක තෙමහල් ගොඩනැඟිල්ලක ඊයේ (5 දා) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර-යාපනය ඒ-9 ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට පොලිසිය පියවර ගත්තේය. විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇතැයි සැක කෙරේ. පෙරවරු 07.00ට පමණ ගින්න ආරම්භ වී ඇත. මේ හේතුවෙන් තෙ...
"කෙහෙළියලාගේ මිලියන 97 මාස 3කට අත්හිටුවයි"
"හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ඔහුගේ බිරිඳ ඇතුළු හය දෙනෙකුගේ නමින් පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන රුපියල් මිලියන 97.125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස තුනක කාලයකට ක්‍රියාවිරහිත කිරීමට (අත්හිටුවීමට) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (05දා) නියෝග ක...
"ණය ප්‍රමාණයෙන් ඩො. බිලියන 8ක සහනයක් ජනතාවට ලබාදීමට හැකි වුණා – ජනපති කුරුණෑගලදී කියයි"
"ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපාහැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වූ බව ඊයේ (05 දා) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණ...
"ත්‍රාඩ දූෂිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමම ජාතික පුනරුදයක් – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක"
"ත්‍රාඩ දූසිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමම ජාතික පුනරුදයක් යැයි විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ උළෙලේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය. අපේ රටේ ඇතිවී තිබෙන තත්වයත්, එය ඇතිවීමට හේතු සාධක පිළිබඳවත් ඉතාමත් හොඳින් කැටිකො...
"පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවයි – ධම්මික පෙරේරා (ශ්‍රීලපොපෙ)"
"ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බව ව්‍යාපාරික, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඊයේ (05දා) පැවැසීය. ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන්ගේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්...
"මැතිවරණවලට බය ජනපති අනීතිකව බලයේ රැඳී සිටීමට උත්සාහ දරනවා – සජබ හිටපු පා. මන්ත්‍රී චමින්ද විජේසිරි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෙන් ජනාධිපති වුණ රනිල් වික්‍රමසිංහ මහතා විවිධ කූට උපක්‍රම යොදමින් රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් ජනාධිපති ධුරකාලය දීර්ඝ කරගැනීමට අනීතිකව කටයුතු කරන බවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත් සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා...
"ජපුර රෝහලට නව බස් සේවයක්"
"“සුව සැරිය රෝහල් සේවාව” නමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස්රථ සේවාවක් ඊයේ ඇරඹිණි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ‘සුව සැරිය රෝහල් සේවා’ විශේෂ බස්රථ සේවාව ඊයේ (05දා) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්...
"අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගේ දේහය කොළඹ සිට ගුවන්නින් යාපනයට"
"අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයාගේ දේහය කොළඹ සිට ගුවන් මගින් පෙරේදා (4 දා) යාපනය වෙත රැගෙන එනු ලැබීය. යාපනයේ මාර්ටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ මුලස්ථානයේ දේහය තැන්පත් කිරීමෙන් පසුව ඊට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වල නායකයන් හා සාමාජිකයන් උපහාර දක්වනු ලැබීය. උතුරු පළාත් ආණ්...
"සෝලාවලට ගෙවන ගණන් අඩු කළේ නව විදුලිබල පනතට පිටින් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරයි"
"විදුලිබල ඇමැති කංචන විජේසේකරගේ හිතුවක්කාර තීරණය හේතුවෙන් මෙගා වොට් 70කට ආසන්න සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (5 දා) චෝදනා කළේය. එම සංගමය කොළඹදී ඊයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය. එහිදී සංජීව ධම්මික මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ...
"එක තැන පල්වෙන සෞඛ්‍ය සේවාවට තාක්‍ෂණය මුසුකර නව මඟකට යොමුකළ යුතුයි – විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව"
"වසර තිහක් එක තැන පල්වෙමින් පවතින මෙරට සෞඛ්‍ය පද්ධතිය නූතන තාක්‍ෂණය සමග අනුගතකර, සෞඛ්‍ය රක්‍ෂණ හා සංචාරක වෛද්‍ය කර්මාන්තය ආදී නවාංග ද එකතු කර, නව මඟකට යොමු කළයුතු බව විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කළේය. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ ‘හෙල්ත් 2030’ ජාති...
"ඡන්දෙ කල්දාන්න ආණ්ඩුවට හෝ ජනපතිට අවශ්‍යතාවක් නෑ – ඇමැති මහින්ද අමරවීර බුලත්කොහුපිටියේදී කියයි"
"ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට ඡන්ද කල්දැමීමට හෝ ඡන්ද නොතියා සිටීමට අවශ්‍යතාවක් නොමැති බවත්, ජනාධිපතිවරණය පවත්වා ඉන් අනතුරුව මහා මැතිවරණයත්, ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ජන්දය පැවැත්වීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවැසුවේ පෙරේදා (04 දා) බුලත්කො...
"නැගෙනහිර මුහුදේ ගිලුණු “HMS Hermes” නැවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් උපහාර උළෙලක්"
"දෙවැනි ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් “HMS Hermes” නමැති ගුවන් යානා ප්‍රහාරක නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් පසුගිය 30දා සාර්කථව නිම කෙරුණි. ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ...
"බ්‍රිතාන්‍ය ඡන්ද සටනට ශ්‍රී ලාංකීය සම්භවය ඇති හයදෙනෙක් තරග වදිති"
"ජූලි හතර වෙනිදා ආරම්භ වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් හය දෙනෙකු තරග කරන අතර ඉන් කාන්තාවන් දෙදෙනා අනෙක් හතර දෙනාට වඩා ඉදිරියෙන් සිටින බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කොට තිබුණි. එම කාන්තාවන් දෙදෙනාම යාපනයේ ඉපිද පසුව විවිධ හේතූන් මත බ්‍රිතාන්‍යයට ගොස් එහි අධ්‍යාපනය ලබා මේ වන විට බ්‍ර...
"සාගලලාගේ රථ පෙළ වීඩියෝ කළ සිසුවා අත්අඩංගුවට"
"ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන 22 හැවිරිදි සිසුවකු පෙරේදා (04 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් පදිංචි සිසුවෙකි. කොල්ලුපිටිය 28වැනි පටුමග හන්දිය අසලදී ඔහු අත්අඩංගුවට ...
"විදෙස් නඩු තීන්දු පිළිගැනීමේ පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්"
"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශ නඩු තීන්දු අන්‍යොන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05දා) අවසන් කළේය. එම විශේෂ පෙත්සම් තුන එස්. තුරෙයිරාජා, කම...
"කුලී ඝාතකයා ගල්කිස්සේදී අල්ලයි: ලක්ෂ 11ක කොන්ත්‍රාත්තුවකට පී.එච්.අයි මරලා"
"මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකව සිටි රොෂාන් කුමාර මහතා සාහසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා, ඝාතනයට යොදා ගත් ස්වයංක්‍රිය පිස්තෝලය ද සමග ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල නායකයකු ලබාදුන් රුපියල් ලක්ෂ 11ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ...
"කෙහෙළියලාගේ මිලියන 93ක ගිණුම් තහනම්"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයට ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනාගේ සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාගේ නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන රුපියල් මිලියන 93.125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්...
"උසාවි ගිය වැඩේට ජනපතිගේ සම්බන්ධයක් නෑ – මාධ්‍ය අංශය නිවේදනය කරයි"
"2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳව තමාගෙන් හෝ තමාගේ නීතිඥවරුන්ගෙන් අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජ...
"රටම ආවරණය කරමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැඟෙනහිර පළාත් දෙකම කේන්ද්‍ර කර ගෙන රට ම ආවරණය වන ආකාරයට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මඩකලපුව දිස්ත්‍රික්කය හා නැඟෙනහිර පළාත දළදේශීය නිෂ්පාදිතයට සිදු කරන දායකත්වය සම්බන්ධයෙන් සොයාබැලූ අවස්ථාවේ උතුර, නැඟෙනහිර පළාත් දෙක මගින් ලබාදෙන දායකත්වය අ...
"පොඩිත්තන් ඇමතූ හඳ නැන්දා දිවියට සමුදෙයි"
"ජාතික ගුවන්විදුලියෙන් ඇසුණු මේ පද පෙළ ඔබේ සිත් අද්දර මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය. ඔබේ, අපේ ළමා කාලය දැනුමින් හා ආකල්පමය වශයෙන් සුපෝෂණය කළ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ “හඳමාමා” ළමා වැඩසටහනින් දැයේ පොඩිත්තන් ඇමතූ සම්මානිත ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනි සුමනා ජයතිලක මහත්මිය හෙවත් “හඳ නැන්දා” පෙරේදා (03දා) රාත්‍රි සිය දිවි...
"මට ලියුම් ගහන්න සිරිපාලට බලයක් නෑ – දයාසිරි කියයි"
"අධිකරණයෙන් ලැබුණු නියෝගය අනුව තමන් අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් මහ ලේකම්වරයා ලෙස වැඩ භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. මෙම අවස්ථාවට එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ආරාධනා කරන බවද හෙතෙම කීවේය. මෙම ...
"ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථාවේ තිබෙන හිඩැස භාවිත කර ඔහුගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට උත්සහ කරනවානම් එය ප්‍රජාතන්ත්‍රවාදීව වැරදි කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (04දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මයන...
"විත්තියෙන් පළිගන්න නඩු කල් තබා ගන්න හදන්න එපා – කොළඹ ප්‍රධාන මහ අධිකරණ විනිසුරු"
"කුමක් හෝ අධිකරණයට පවසා විත්ති පාර්ශ්වයෙන් පළිගැනීමේ චේතනාවෙන් නඩු කල් තැබීමට උත්සාහ නොකළ යුතු බවත් අධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නම් විත්තිය නිදහස් විය හැකි වුවත් සැබැවින්ම විත්තිය වරදක් කර ඇති නම් ඒ අයට එහි විපාක සොබාදහම හෝ ලබාදෙනු ඇති බවත් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් ...
"පියුමිගේ ක්‍රීම්පැක් විකුණුවේ 3500 යි – කුරියර් එක සී.අයි.ඩී.යට කියයි"
"නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ සම පැහැපත් කරවන ක්‍රීම් වර්ග අලෙවි කළ කුරියර් සේවයේ ප්‍රධානියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අලෙවි කර ඇත්තේ ‘ක්‍රීම් පැක්‘ 3500 කට ආසන්න ප්‍රමාණයක් බව අනාවරණය වී ඇත. එහෙත් පියුමි හංසමාලි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කියා තිබුණේ එකක් රුපියල් 35,000ක් වටිනා ක්‍රී...
"වතු වැටුප රු. 1700 කරන ගැසට්ටුවට අතුරු තහනමක්"
"වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(04දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් විසින් ...
"කතරගම ඇසළ මංගල්‍යය හෙට ඇරැඹෙයි"
"ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06 දා) ආරම්භ කෙරේ. එදින සිට දිනපතා පෙරහැර පැවැත්වෙන අතර අවසාන මහා පෙරහැර 21 වැනිදා වීදි සංචාරය කරයි. 22 වැනිදා අලුයම මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමත්හු මේ දිනවල කුමන සහ යාල...
"බළපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලය රජයේ අනුග්‍රහයක් නැතුව සිදු කරන අනගි සේවාව අගය කරනවා – දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන"
"විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන තරුණ භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසන්න හැසිරීම් සහ සිද්ධීන් දැක්කම බලවත් කනගාටුවක් ඇතිවන අතර සඟ පරපුරට තිබෙන ගෞරවය නැති වී යනවා යැයි, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 2021 වසරේ දී කරන ලද සමීක්ෂණය අනුව ලෝකයේ දාහත් දෙනකුගෙන් එක් අයෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අතර 2023 වසරේ...
""රේගු ලෙඩ සුව වෙයි – බහාලුම් 5,000ක් හිරවෙලා""
"අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (04දා) සවස අත්හිටුවනු ලැබීය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සහ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකින් පසු එම තීරණයට එළැඹි බවත්, ඒ අනුව රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් රේගු මාධ්‍ය ප්‍රකා...
"හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා"
"මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (04දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ගම්පහ ව...
"ප්‍රසන්න රණතුංගගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්"
"ව්‍යාපාරිකයකු බියගන්වා අවස්ථා පහකදී රුපියල් මිලියන 64ක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් නියම කළ අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් මිලියන 25ක දඩ ගෙවීමේ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගොනු කර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 12වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හම...
"රනිල්ට වැඩිපුර එක දිනයක්වත් දෙන්නේ නෑ – සාගර කාරියවසම්"
"ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනවරම හිමිවූයේ වසර 5ක කාලයක් සඳහා පමණක් වන බැවින් එම ධුර කාලයේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට එම කාලසීමාවට වඩා එක් දිනක් හෝ බලයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. මහ ලේකම්වරයා ඒ ...
"ධුර කාලය වසර 5ද-6ද – ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිත කරන තෙක් ජනපතිවරණය එපා"
"ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තෙවන කොටසේ 30 (2) අනුව්‍යවස්ථාව සංශෝධනයවී නොමැති බවටත් එය පාර්ලිමේන්තුව තුළදී නිසියාකාරව සංශෝධනය වූ බවට අර්ථකථනය නොකරන ලෙසටත් ඉල්ලා සිවිල් පුරවැසියකු මෙන්ම ව්‍යවසායකයකු ද වන සී. ඩී. ලේනව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවා...
"රත්ගම විදුරලා සමග මුදල් ගනුදෙනු කළ දකුණේ හිටපු පොලිස් ලොක්කෙක්"
"රත්ගම විදුර නමැති පාතාල නායකයා සහ ඔහුගේ මස්සිනා සමග සමීප සබඳතා පවත්වමින් මහා පරිමාණ මුදල් ගනුදෙනුවල නිරත වූ බව කියන දකුණු පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පාතාල අපරාධකරුවන් සමග සිදුකළ මූල්‍ය ගනුදෙනු හෙළිදරව් වීමෙන් පසු මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹට මාරුකර යැ...
End of preview. Expand in Data Studio

No dataset card yet

Downloads last month
4